21 6048ea95db516

හෙල්මට් පැළඳ පයින් ගියොත් වැඩ වරදී:පොලිසියට විශේෂ උපදෙසක්

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් නිවේදනයක් නිකුත් කරමින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.

යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරික්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top