image 05fc8d4555

කිරි ඉතිරෙන වැට් සහනයක්

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුමපතට අනුව දේශීයව නිපදවන දියර කිරි හා යෝගට් වැට් බද්දෙන් නිදහස් කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

අප්‍රේල් මස 11 වන දින සිට මෙම බදු සහනය ක්‍රියාත්මක අතර ඒ සඳහා අවම වශයෙන් නැවුම් කිරි 50% අන්තර්ගත විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මීට අමතරව විදුලි ජනනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top