214cf6304678fa6704cc19e9c691050122d446c6 2

ඩෑන් ඝාතනයේ සුලමුල එළියට: කාන්තාවක් ඇතුළු 3ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කණ්ඩායම් 06ක් මගින් මේ සම්බන්ධව විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top