
දෙනියාය බස් නැවතුම්පොලේ රාත්‍රියේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුට අයත් මුදල් රුපියල් 22000ක් පමණ සොරා ගැනීම සම්බන්ධයෙන් දෙනියාය පොලිසියේ ම සැරයන්වයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
හෙතෙම රාත්‍රී මුර සංචාරයේ යෙදෙන අතර මගියා පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා එසේ කර ඇත. පසුව මගියා දෙනියාය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැරයන්වරයා පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී මගියා කිව් මුදලට සමාන මුදලක් සොයාගෙන ඇත.
සැකකාර සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ. විමර්ශන ක්‍රියාත්මක වේ.