පිරිමි ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යය ජාලා හරහා ලබා ගනිමින් සහ ශ්‍රී ලාංකීක පිරිමි ළමයෙකුගේ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කරන ලද සැකකරුවෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු සම්බන්ධයෙන් අතුරුදහන් වූ සහ සූරා කෑමට ලක් වූ ළමුන් සඳහා වන අමෙරිකා රජයේ ජාතික මධ්‍යස්ථානය මඟින් (NCMEC) යොමු කර ඇති වාර්තාවක් අනුව ළමා හා කාන්තා අපයෝජනය නිවාරණ කාර්යාංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබේ
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ආඬිගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචි ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ වෙළදසැලක් පවත්වාගෙන යන පුද්ගලයෙකි.
මෙම සැකකරු 2022 වර්ෂයේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශීය ළමුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප එක් රැස් කරගනිමින් ඒවා නරඹා ඇති බවත් එසේම ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 13 ළමයෙකුගේ නිරුවත් වීඩීයෝ සහ අදාළ ඡායාරූප නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගෙන ඇති බව වාර්තා වේ.