
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සියලු දුෂ්කර ප්‍රතිසංස්කරණ පසුගිය වසර 2 තුළදී ඉටු කර අවසන් බව එම අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් පවසා තිබේ.
මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහය වනු පිණිස 2023 වසරේදී විස්තීර්ණ ණය පහසුකම් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම්ගත වූ අතර එයින් ලබා දුන් ණය පහසුකම ඩොලර් බිලියන 3කට ආසන්න විය.
කෙසේ වෙතත් මේ වන විට එයින් වාරික 3ක් ලබා දී අවසන් වන අතර සිව්වැනි වාරිකය ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 334ක මුදලක් ලබා දීම අනුමත කෙරුණි.
පසුගිය වසරේ ආර්ථික වර්ධනයක් ලඟා කරගත් නිසා ඉදිරියේදී ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ද බෘෘවර් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වොෂිංටන් නුවර පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනුයි.