කටුනායක හීනටියන ප්‍රදේශයේ අද(26) අලුයම 5.30 පමණ වෙඩි තැබීමක් සිදුකර තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. ටී_56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි උදාර චතුරංග නැමති තරුණයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.මෙම තරුණයා මුදල් පොලියට ලබා දීම හා තවත් ව්‍යාපාරිික ස්ථාන කීපයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු තම නිවසේ නිදාසිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.