
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව වාහන ලියාපදිංචි ආදී සියලු කටයුතුවලට TIN අංකය අවශ්‍ය වනු ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’ (Taxpayer Indentification Number -TIN) මාර්ගගත ආකාරයට ලබා ගැනීමේ හැකියාව තිබේ. TIN Certificate ලබා ගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳි නොසිටින අතර ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතී නම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතු බව ආදායම් බදු දෙපාර්තමේන්තුව පෙර සඳහන් කර තිබුණි.