එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව තීරු බදු හේතුවෙන් මතු විය හැකි ගැටලු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනපති අනුර දිසානායක විසින් කමිටුවක් පත් කර ඇත.
මුදල් අමාත්‍යංශ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති, අපනයන සංවර්ධන මණ්ඩල සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන පිරිස මෙම කමිටුවට පත් කර ඇත.