1745132637 dalada wandanawa 600

මහ ජනකායක්: අද (24) හෙට (25) දළදා වන්දනාවට නොඑන්නැයි පොලිසිය කියයි!

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන්ගේ පැමිණීම තවදුරටත් ඉහළයෑම හේතුවෙන් ඉදිරි දෙදින තුළ වන්දනාමාන කටයුතු සිදු කිරීම උදෙසා පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

පොලිස් මුලස්ථානය දැනුම්දෙන්නේ ඒ අනුව මේ වනවිටත් බැතිමතුන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයේ පෝලිම්වලට ඒකරාශී වී සිටින බවය.

එබැවින් අද (24) සහ හෙට (25) යන දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා ප්‍රමාණවත් සැදැහැවතුන් පිරිසක් දැනටමත් පැමිණ සිටින බැවින් ඉදිරි දෙදින තුළ තවත් සැදැහැවතුන් පැමිණයහොත් ඔවුන්ට වන්දනාමාන කටයුතු සිදු කරගැනීම සඳහා අවස්ථාව නොලැබෙනු ඇති බව පොලීසිය පවසයි.

ඒ නිසා ඉදිරි දෙදින තුළ සිරි දළදා වන්දනාව සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ශ්‍රී ලංකා පොලීසිය සැදැහැවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top