1726715369 shot dead

කටාන වෙඩි තැබීම: පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

කටාන ප්‍රදේශයේ ඊයේ (22) සිදු කළ වෙඩි තැබීමකට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පලාත් පාලන ඡන්දයට තරඟ කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මිය ගොස් ඇති පුද්ගලයා 35 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. දෙදෙනා අතර ගැටුමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයාද රෝහල් ගතව ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top