
මෙරට සංස්කෘතික අවකාශයට නවමු දෑ තිලිණ කරන No Names Collective සංවිධානය කරන “සංගීතයයි – සංවාදයයි” වැඩසටහන පොදුජනතාව අතරට ගෙන යෑමට වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
එහි පියවරක් ලෙස හෙට (19) මෙම සංගීත – සංවාද වැඩසටහන මහරගම මහජන පොළ භූමියේදී පැවැත්වීමට නියමිතයි.
ජනප්‍රිය කලා ශිල්පීන් දෙපළක් වන රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සිරිකුමාර සම්පත් දායකත්වය සපයන මෙම වැඩසටහනේ සංගීත සංයෝජනය No Names Collective සංගීත කණ්ඩායම විසින් සිදු කරනවා.