Sathsara Nimesh DailyCeylon

නිමේෂ් සත්සරගේ සිරුර යළි ගොඩ ගැනේ

වැලිකඩ පොලිස් භාරයේ සිටියදී මිය ගිය නිමේෂ් සත්සර නැමති තරුණයාගේ දේහය අධිකරණ නියෝගයක් මත අද (23)පෙරවරුවේ ගොඩගනු ලැබූ බව වාර්තා වේ.

නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා බදුල්ල මහේස්ත්‍රාත් නෙජිද්ධ සිල්වා මහතා ඉදිරියේ දී ඔහුගේ මෘත දේහය යළි ගොඩගෙන තිබුණි.

බදුල්ල _මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයාගේ මෘත දේහය භූමදානය කර තිබුනේ ඔහුගේ නිවසට ආසන්න සුසාන භූමියේයි.

තම පුත්‍රයාගේ මරණය සැක සහිත බව ඔහුගේ දෙමාපියන් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෘත දේහය නැවත ගොඩ ගෙන ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 09 වනදා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කර ඇත.

ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී. ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top