1735784323 mathara L

මාතර බන්ධනාගාරයේ ගැටුමෙන් තිදෙනෙක් රෝහලේ

මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (22) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි.

මෙම නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ට පමණත් යළිත් අහසට වෙඩි තබා කදුළු ගෑස් එල්ල කිරීමට සිදුවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත. තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඇතිවූ තත්වය මත කාන්තා රැදවියන් 25 දෙනෙකු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර අධිකාරීත්වය තීරණය කරන ලදී. ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිළධාරී්න් ති‌දෙනෙකු මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top