4a4e63d0 16ad 11f0 b2ad f938cfcaf82c.jpg

හඩ්සන් ගඟේ ඛේදවාචකයකින් දරුවන් ද ඇතුළු 6ක් දිවි හැරයති

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඩ්සන් ගංගාවට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් වර්ගයේ ගුවන් යානයක් කඩා වැටී ඇත.

මෙම අනතුරින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් ගෙන් තුන් දෙනෙකුම කුඩා දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ළමුන් තිදෙනා එකම පවුලක වන අතර ඔවුන් අවුරුදු 4,5,11 වයස්වල බව දැනගන්නට ඇත. ගුවන් නියමුවා පවුලේ පියා බවයි විමර්ශකයන් පවසන්නේ.

මෙම පිරිස ස්පාඤ්ඤ ජාතිකයන් බව දැක්වේ. කෙසේ වෙතත් ජීවිතාර්ක්ෂ පිරිස් හැකි ඉක්මනින් ළඟා වී දිවිගැලවීම් උත්සාහයන් ගත් අතර සිව් දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. අනෙක් දෙදෙනා රෝහල්ගත කළ පසු මිය ගොස් ඇතැයි වාර්තා වේ. සංචාරකයන් සහ ප්‍රවෘත්ති ඒජන්සි වැඩියෙන් භාවිතා කරනු ලබන බෙල් 206 හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හඩ්සන් ගඟේ මෑන්හැට්න් පෙදෙසට වන්නට ය.

පසුගිය වසරේ ද හඩ්සන් ගඟ ආශ්‍රිතව බිහිසුණු අනතුරක් සිදු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top