1745425080 dalada l

නැවත දැනුම් දෙන තෙක් “සිරි දළදා වන්දනාවට” එන්න එපා! සෞඛ්‍ය ගැටලු ඇති වීමේ අවදානමක්

නැවත දැනුම්දෙන තුරු සිරි දළදා වන්දනාව උදෙසා මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවය.

තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසා සිටියේ මහනුවර නගරය තුළට තවත් ජනාතාව පැමිණියහොත් ඒ අයට පහසුකම් ලබාදීමට නොහැකි බැවින් කරුණාකර දළදා වන්දනාවට නැවත දැනුම්දෙන තුරු කිසිවෙකුත් නොපැමිණෙන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top