
පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ.
ඒ අනුව ඔහු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ඇති.
චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයාට නඩු දෙකකින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.