දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම කමිටුව සඳහා අග විනිසුරුවරයා විසිිින් පත් කරන ලද විනිසුරුවරයෙකු,ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා හා අගමැතිවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් පත් කෙරෙන වෘත්තිකයෙකු පත් කළ යුතුව ඇත.
පසුගිය දා(08) මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සමබන්ධ යෝජනාව මෙම කමිටු වාර්තාවෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.