කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 ක් වෙත මැතිවරණය පැවැත්වීමට එරෙහිව පනවා තිබූ අතුරු තහනම් අභියාචනාධිකරණය විසින් ඉවත් කර තිබේ.
අද දින(11) මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඉදිරි මැතිවරණයට ඉඩ ලබා දෙමිනි. තවද ප්‍රතික්ෂේපිත නාම යෝජනා බාරගන්නා ලෙස වන නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව සියලු පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය මැයි 06 පැවැත්වීමට හැකියාව ලැබෙයි.