download

හොලිවුඩයේ මෞලි මංගල්‍යය ඔස්කාර් උත්කර්ෂවත්ව පැවැත්වෙයි!

download 1

හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලැකෙන ඇකඩමි හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලීස්හි උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

මෙවර සම්මාන උළෙල පැවතියේ 97 වරටයි. හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ මෙයට පෙරද එම සම්මානයෙන් පිදුම් ලබා සිටි ඒඩ්‍රියන් බෘෘඩි ය. ලොව පතළ පියානිස්ට් සිනමාපටයෙන් මෙයට පෙර එම සම්මානය දිනූ බෘෘඩි මෙවර එය දිනූයේ “බෘෘටලිස්ට්” සිනමාපටය වෙනුවෙනි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සිනමාපටය වූයේ “අනෝරා” නම් ප්‍රහසන සිනමාපටයයි. හොඳම නිළිය එහි රංගනයෙන් එක් වූ මිකී මැඩ්සන් ය. හොඳම අධ්‍යක්ෂවරයා එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ ෂෝන් බේකර් ය.

මෙවර උළෙලේ හොඳම විදෙස් සිනමාපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ “ඇයි ඈම් ස්ටිල් හියර්” නම් බ්‍රසීල සිනමාපටයකි. හොඳම සජීවීකරණ කාටූන් සිනාමපටය ලෙස “ෆ්ලෝ” සම්මානලාභී විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top