Untitled 1

සංගීතයයි සංවාදයයි ජනතාව අතර අතිසාර්ථකයි!

no name show

NO NAMES Collective සංවිධානය කරන නවතම සංස්කෘතිකාංගය වන සංගීතයයි සංවාදයයි වැඩසටහනේ තවත් එක් පියවරක් පසුගිය 19 වැනි දා පැවැත්වුණි. මෙහි ඇති විශේෂත්වය නම් හුදෙකලා කණ්ඩායම් සංවාදයකින් වෙනස් ව ජනතාව අතරට යෑමට උත්සුක වීමයි. වැඩසටහන සඳහා තෝරාගෙන තිබුණේ මහරගම පොළ පරිශ්‍රයයි.

ජනප්‍රිය කලාකරුවන් දෙපළක් වන රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සිරිකුමාර මෙයට සම්පත්දායකත්වය සපයනු ලැබූ අතර ප්‍රියන්ත සිරිකුමාර රංගනමය ප්‍රවේශයකින් සමාජ දේශපාලන සංස්කෘතික අදහසක් ජනිත කිරීම නවමු අත්දැකීමකි. රොඩ්නි වර්ණකුල සහ සංජීව සෙනෙවිරත්න සේම NO NAMES Collective ගායන විලාසයන්ගෙන් රැස්ව සිටි ප්‍රේක්ෂාව කුල්මත් කරනු ලැබීය.

මෙකල කලා සංස්කෘතික වැඩසටහනකට මෙවැනි ජන සහභාගිත්වයක්  ලැබීම එක් අතෙකින් පුදුමයකි. රසවින්දනය පිණිස පොළ භූමියට පැමිණි පිරිස අතර ජනකාන්ත කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන්ද වූ අතර වැඩසටහන අවසන අදහස් දැක්වූ බොහෝ දෙනා තම සතුට නොසඟවා පළ කළ හ.

වැඩසටහනේ ඡායාරූප ගොනුව සඳහා ෆේස්බුක් සබැඳයි පහතින්-

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top